Direction.lk

CEB President’s promise

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ එහි ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවකට අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි. මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ මූලික පදනම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් සහතික කිරීම සහ ස්ථාපිත කළ නව සමාගම්වල අයිතිය රජය යටතේ පවත්වා ගනිමින් රටක් ලෙස බලශක්ති සුරක්ෂිතතාව පවත්වා ගැනීම බව මෙහිදී පෙන්වා දුන්නෙමි. එසේම, මෙම ක්‍රියාවලියේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට හිමි වූ සියලු අයිතිවාසිකම් නව සමාගම් තුළද තහවුරු කිරීම රජයේ ස්ථාවරය බව පෙන්වා දෙමින්, විදුලිබල මණ්ඩලය ලෙස පැවතියදී විසඳාගත යුතු, එහෙත් මෙතෙක් නොවිසඳී ඇති ගැටලු පිළිබඳවද එම වෘත්තීය සමිති නියෝජිතයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමි. මෙම පරිවර්තනීය කාලය තුළ සේවකයන් සහ නව සමාගම් අතර මනා අවබෝධයකින් යුතු සංවාදයක් පවත්වා ගැනීමේ වැදගත්කමත්, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අවශ්‍යතාවත් පැහැදිලි කරමින්, මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් මෙරට විදුලි පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවාවක් සහතික කිරීමටත්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් එක් වන ලෙස සියලු වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කළෙමි.

Can we prevent Easter if even the FBI couldn’t? – Sujeewa

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා….

A credit to the government from Ajith Rohana

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දීර්ඝ කාලයක් පුරාවට මෙම පනත ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබූ බවත්, 2002 වසරේදී ද තමා මේ සඳහා දායක වූ නමුත් මෙය සම්මත කරගත හැකි වූයේ පසුගිය 2025 වසරේදී බවද ඔහු කියා සිටියා. ලංකාව තුළ පමණක් නොව වෙනත් රටකදී මෙම පනත යටතේ වරදක් සිදු වුවහොත් ලංකාවේ අධිකරනයක නඩු පැවරීමට හැකියාවක් ඇති බවත් ඔහු සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ, “මම දැක්ක අපේ පාර්ලිමෙන්තුව හදපු හොදම, අතිවිශිෂ්ටම නීතිය තමයි අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත… මේ පනත හදන්න ඉස්සෙල්ලා වුණත් අපරාධයකින් උත්පාදිත දේපළ තියෙනවා නම් ඒවා පිළිබවඳව වුණත් කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා.අනිත් එක ලංකවේ විතර නෙවෙයි ලංකාවෙන් පිට තැනකදි මේකෙන් වරදක් වුණත් ශ්‍රී ලාංකික පුරවැසියෙකුට, ඒ වගේම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරපු නැවක, යාත්‍රාවක, ගුවන් යානයක, ශ්‍රී ලංකාවේ එම්බසි එකක් මේ වරද කරනවා නම් ලංකාවේ අධිකරනයක ඒවාවලට නඩු පවරන්න පුලුවන්. ඉතින් අධිකරණ බල සීමාවත් ඉතා විශාලයි, නඩු පැවරීමේ බල සීමාවත් ඉතා විශාලයි. 1929 තිබිච්ච එක පනත දැන් පනත් 7ක් බවට පත්වෙලා තියෙනවා…”

iPhone users have trouble logging into WhatsApp Web

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ, අයිෆෝන් (iPhone) පරිශීලකයන් වෙත බවයි සඳහන් වන්නේ. මෙම ගැටළු සම්බන්ධයෙන් මේ වනවිට Downdetector වෙබ් අඩවිය වෙත පැමිණිලි ද ලැබී ඇති බව එම මාධ්‍ය වාර්තාවේ සඳහන්. කෙසේ නමුත්, ඇන්ඩ්‍රොයිඩ් (Android) පරිශීලකයින් බොහෝ දෙනෙකුට සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවටයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ විවිධ පාතාල කල්ලි සාමාජිකයින්ගේ ද නම් භාවිත කරමින් අදාළ පුද්ගලයා විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔවුන් බිය වද්දා කප්පම් ලබාගන්නා පුද්ගලයෙක් සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයියාට පැමිණිල්ලක් ලැබී තිබු අතර, ඊට අදාළ විමර්ශන සිදුකරන ලෙස නිශාන්ත ද සොයියා විසින් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පවරනු ලැබුවා. ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළා. අදාළ ජාවාරමට හසුවු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගෙන්ම ලබාගත් ප්‍රකාශ අනුව අනාවරණ වී ඇත්තේ අදාළ පුද්ගලයා විසින් තමන් උසස් පොලිස් නිලධාරියෙක් බව පවසමින් අවස්ථා කිහිපයකදීම ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවයි. බොරැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන්ද එලෙස කප්පම් ලබාගැනීමට අදාළ සැකකරු උත්සහ ගෙන තිබු අතර, එම ව්‍යාපාරිකයාට දුරකථනයෙන් අමතා තිබුණා. “මම තමයි අපරාධ කොට්ඨාසයේ එස්.පී. ප්‍රියන්ත. අර අන්ඩර් වර්ල්ඩ් එකේ කෙහෙල්බද්දර පද්මේ ගේ ඉන්ක්වයරි එක කරන්නේ. මට ඔයා ගැන ඕලුගලත් කිව්වා. අපි පද්මෙගෙ ටැලිෆෝන් ඩීටේල්ස් එකක් ගත්තම ඔයාගේ නොම්මරේත් ඒකේ තියෙනවා. ඔයත් එයාට කතා කරලා තියෙනවා. අපිට ඕන දැනගන්න ඔයා පද්මෙත් එක්ක තිබුණු සම්බන්ධය මොකක්ද කියලා.” කප්පම් ලබාගැනීමේ අරමුණින් අදාළ සැකකරු තවත් ව්‍යාපාරිකයකුට ඇමතුමක් ලබාදී තැබුණා. “මම සී.අයි.ඩී. එකේ ඩිරෙක්ටර් එස්.එස්.පී. ප්‍රියන්ත. මම තමයි සහරාන්ගේ කේස් එක කරන්නේ. අපි ඒ සම්බන්ධව ටැලිෆෝන් ඩීටේල්ස් චෙක් කරන කොට ඔයාත් එයත් එක්ක ටැලිෆෝන් ගනුදෙනු කරලා තියෙනවා.” තමන් එවැනි පුද්ගලයෙකුට ඇමතුම් ලබාගෙන නොමැතියි ව්‍යාපාරිකයා එහිදී පවසා ඇත්තේ, “නැත්තේ මොකද. මේ අපි ගාව බඩු තියෙන්නේ. ටෙලිෆෝන් ඩීටේල්ස්වලට බොරු කරන්න බැහැ.” යනුවෙන් එහිදී අදාළ සැකකරු පවසා තිබෙනවා. එලෙස ඇමතුම් ලබාදී ව්‍යාපාරිකයා බියවද්දන ඔහු සිද්ධිය යටපත් කිරීම සඳහා ව්‍යාපාරිකයාගෙන් මුදල් ද ඉල්ලා තිබුණා. “හරි දැනට මට මෙහෙම දෙයක් කරන්න. මට තව වාර්තා ටිකක් ගන්න ඕන. ඔයාට පුළුවන්ද මට රුපියල් 32,500ක් එකවුන්ට් එකට දාන්න…” එහිදී බියට පත්වන ව්‍යාපාරිකයා ඔහු විසින් ලබාදෙන ගිණුම්වලට මුදල් බැරකර ඇති බව ද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා. සැකකරු මෙලෙස දෛනිකව රුපියල් ලක්ෂ ගණනින් එක් එක් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ. තමන් පොලිස් ස්ථානයක සිටින බව හැඟවෙන පරිදි විවිධ හඬ පට ප්‍රචාරය කරමින් ඔහු විසින් ඇමතුම් ලබාගෙන ඇති අතර, එලෙස ලබාගත් ඇමතුමක හඬ පටයක් ද අප වෙත ලැබී තිබෙනවා. “ආයුබෝවන්. 119 මම IP හේරත් කතා කරන්නේ. ඔයගොල්ලන්ගේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එක චෙක් කරගන්න 01124126….. නම්බර් එක හරිද ? ඔව් හරි. හරි මහත්මිය මේ නම්බර් එකට B341 යටතේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් නියෝගයක් එවලා තියෙනවා. මාවද ? මොකක්ද ? “ එලෙස ඇමතුම් ලබාදෙමින් ව්‍යාපාරිකයින් බිය ගන්වමින් ඔහු විසින් මෙම මුදල් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ව්‍යාපාරිකයන් 100 දෙනකුට ආසන්න පිරිසකට මෙලෙස දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීමට උත්සාහ ගෙන ඇති බවයි. ඉන් බොහෝ පිරිසක් මුදල් තැන්පත් කර ඇති ‍අතර, සැකකරු විසින් එම මුදල් කාඩ්පත් හරහා ලබාගන්නා අයුරුද CCTV දර්ශනවල දැක්වෙනවා. අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ පොලිසිය, උපාය දූතියක් ලෙස පොලිස් නිලධාරිනියක් යොදවා ඔහු සමඟ පෙම් සබඳතාවක්ද ගොඩනගාගෙන තිබුණා. දින කිහිපයක් ඇය සමඟ ඔහු පෙමින් බැඳී තිබු අතර, හමුවීමට ද එකඟ වී තිබුණා. කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් සැකකරුට සැක මතුව තිබෙනවා. “ඔයත් පොලිසියේ නේද වැඩකරන්නේ. පොලිසිය මදි මාව තම්බන්න ” එලෙස පැවසූ සැකකරු එම සම්බන්ධතාවය නතර කර තිබෙනවා. කෙසේ වෙතත් උත්සහය අත් නොහළ විමර්ශන නිලධාරීන් විවිධ තාක්ෂණ ක්‍රමවේද උපයෝගි කරගනිමින් අදාළ සැකකරු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි. අයිස් මත්ද්‍රව්‍ය සඳහා දිනකට රුපියල් හැටදහසක් පමණ අවශ්‍ය වන බැවින් එම මුදල ව්‍යාපාරිකයින් බිය වද්දා ලබාගන්නා බවත්, දිනකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් එලෙස ලබාගන්නා බවත් ඔහු පවසා තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි රත්මලාන ඇඟුලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර, අඟුලානේ මල්ලි නමැති අනවර්ථ නාමයෙන්ද පෙනී සිට තිබෙනවා. කොල්ලකෑම් සම්බන්ධයෙන් වරින් වර වසර 17ක කාලයක් බන්ධනාගාරව ඇති අතර ඔහු බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ද රඳවා සිටි අයෙක් බවට අනාවරණ වී තිබෙනවා. ඔහු විසින් සිදුකළ මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කළා.

මර්වින් සිල්වාට සහ ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට අද (27) ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන්නා. ඒ, ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී. විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව සියළු දෙනාගේම විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වහාම අධිකරණයට භාරදෙන ලෙස ද නියෝග කළා. එක් විත්තිකරුවකුට රුපියලේ ලක්ෂ 10 බැගින් වූ අමතර ශරීර ඇපයක් ද අධිකරණයෙන් නියම කරමින් ඔවුන් මුදා හැරීමට ද නියෝග කළා. මෙලෙස අධිචෝදනා ලැබ ඇප මත මුදා හැරුණේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මිල්රෝයි පෙරේරා, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් සරත් කුමාර එදිරිසිංහ නොහොත් ‘සිංගප්පූරු සරත්’ යන අයවලුන්. විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන නෙවිල් අබේරත්න, නලින් දිසානායක සහ අනිල් ද සිල්වා යන නීතිඥවරුන් සමඟ නීතිඥ සමීර පණ්ඩිතරත්න, නීතිඥ අරින්ද සිල්වා සහ නීතිඥ පණ්ඩුල සඳරුවන් අධිකරණයේ පෙනී සිටියා.

ටොෆි චොකලට් සොරකම් කළ දැරිවියන් තිදෙනා පොලිස් භාරයට

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ කැන්ටිම කඩා ටොෆි සහ චොකලට් සොරකම් කළ ගැහැනු ළමුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  එහි වටිනාකම රුපියල් 40,000කට ආසන්න බව කළුතර දකුණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.  අත්අඩංගුවටගත් සැකකාරියන් අවුරුදු 13, 14 සහ 15 යන වයස් කාණ්ඩවල පසුවන අය බව සඳහන් වේ.  අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ සිසීටීවී කැමරා පරීක්ෂා කිරීමෙන් අනතුරු ළමුන් හඳුනාගෙන ළමා නිවාසයේ සඟවා තිබූ ටොෆී, චොකලට්, ලොලිපොප්, චුයින්ගම් සහ පෙපර්මින්ට් තොගයක් සොයාගත් බව පොලිසීය පැවසීය. ළමා නිවාසයේ යතුර සොරකම් කර, අළුයම 1.30ට පමණ ඉන් පිටවී අවන්හලේ ඉදිරිපස වීදුරුවට පොල්ලකින් පහරදී බිඳ සොරකම් කර පොලිතීන් බෑග්වල දමාගෙන ළමා නිවාසයට ගොස් සැඟවූ බව මූලික විමර්ශනවලින් අනාවරණවී ඇත. සැකකාරියන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මෙරටට..

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වන බව ලිටෝ සමාගම පවසයි. එහි සභාපති චන්න ගුණවර්ධන සඳහන් කළේ ,  මේ දිනවල දෛනිකව ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 50000ක් වෙළෙඳ පොළට නිකුත් කරන බවයි. ලාෆ්ස් ගෑස් හිඟය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති සංචාරක හෝටල් සහ කාර්මාන්තායතන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ගෑස් නිකුත් කිරීමට ඊයේ දිනයේ පියවර ගත් බවද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. ගෘහස්ථ ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිිටින බවද ඔහු පැවසුවේ ය. සභාපතිවරයා සඳහන් කළේ, ලබන 28 වැනි දින ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිතව ඇති බවයි. ලබන මාසයේදි මේ මාසයටත් වඩා ගෑස් තොග ඇණවුම් කර ඇති බවද ලිටෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, ලබන මස 12 වැනිදා වන විට ඇණවුම් කළ ගෑස් සිලින්ඩර්වලින් 40000 ක පමණ තොගයක් දිවයිනට ලැබෙන බවයි. ඒවාද කඩිනමින් වෙළඳ පොලට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්ට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය.