Namal’s Cambridge lecture cancelled due to strong opposition from the diaspora

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා. ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබෙනවා. මෙම විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් ශිෂ්‍ය සංගමය (Cambridge Union) ඇමතීමට ඇති දේශනය අවලංගුකොට ඇති බව සඳහන්. එක්සත් රාජධානියේ දෙමළ ශිෂ්‍ය සංගම් සහ බ්‍රිතාන්‍ය දෙමළ තරුණ සංවිධානය (TYO UK) එක්ව නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂට ලබාදී ඇති මෙම අවස්ථාව වහාම අවලංගු කරන ලෙසයි.
CIDයට අද නොඑන බව හිටපු ජනපති රනිල්ගේ බිරිඳ මෛත්‍රී දන්වයි

අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එම කොට්ඨාශය වෙත දැනුම් දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, සෞඛ්‍ය හේතුන් මත මෙලෙස පැමිණීමට නොහැකි බව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි. නිවසේ සිට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් ලබා දී ඇති බැවින් අදාළ ප්‍රකාශය නිවසට පැමිණ ලබා ගන්නා ලෙසට ද එමගින් දැනුම් දී ඇති බව සඳහන්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සදහා රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා
අනූෂ පැල්පිට ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
ඉන්දියාවට ගිය ජනපති, ලෝක නායකයින් රැසක් හමුවෙයි…

ඉන්දියාවේ නවදිල්ල නුවර පැවැත්වෙන AI IMPACT 2026 සමුළුවට එක්ව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පස්වරුවේ රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය. ජනාධිපති අනුර කුමාර දිසානායක, AI IMPACT 2026 සමුළුවට සහභාගිවී සිටින ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් සමග ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත වූයේ අද පස්වරුවෙයි. සමුළුවට එක්ව සිටින භූතානයේ අගමැති ට්ෂෙරින් ටොබ්ගේ සමගද ජනාධිපතිවරයා අද පස්වරුවේ ද්විපාර්ශවික සාකච්ඡාවල නිරත විය. අබුඩාබියේ ඔටුන්න හිමිකරු වන ශෙයික් කාලෙඩ් බින් මොහොමඩ් බින් සායෙඩ් අලි නාහියා සමගද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද්විපාර්ශවික සාකච්ඡාවක් සිදුකර ඇත.
ගෑස් හිඟයක් ගැන බිය විය යුතු නැහැ: ලිට්‍රෝ සමාගමෙන් විශේෂ නිවේදනයක්

LP ගෑස් හිඟයක් පිළිබඳව පාරිභෝගිකයන් කිසිසේත් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම (Litro Gas Lanka Limited) අවධාරණය කර සිටිනවා. අද (පෙබරවාරි 19) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, වෙළඳපොළේ මතුව ඇති මෙම හදිසි හිඟය මඟහරවා ගැනීම සඳහා මේ වන විටත් ප්‍රමාණවත් ගෑස් තොග තමන් සතුව ඇති බවයි. ලිට්‍රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා නිකුත් කළ ලිපියකින් පෙන්වා දෙන්නේ, පසුගිය දිනවල ඇති වූ මෙම තාවකාලික සැපයුම් බාධාව සඳහා ප්‍රධාන කරුණු දෙකක් බලපෑ බවයි. 1. පසුගිය පෙබරවාරි 14 වැනිදා ඇති වූ දෙදින සැපයුම් ප්‍රමාදය.2. වෙළඳපොළේ ගෑස් ඉල්ලුම බලාපොරොත්තු නොවූ ලෙස හදිසියේ ඉහළ යාම. මේ අනුව, පාරිභෝගික අවශ්‍යතා කඩිනමින් සපුරාලීම සඳහා සමාගම මේ වන විටත් දැවැන්ත බෙදාහැරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර, ඒ යටතේ ක්‍රියාත්මක පියවර කිහිපයක් පහතින් දැක්වේ:• පෙබරවාරි 17 සහ 18 යන දිනවලදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 284,000ක් වෙළඳපොළට නිකුත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ.• අද (19) සිට එළඹෙන සෙනසුරාදා දක්වා කාලය තුළ තවත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර 351,000ක් පාරිභෝගිකයන් වෙත නිකුත් කිරීමට සියලු කටයුතු යොදා ඇත. මීට අමතරව, සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මස අවසන් වීමට පෙර තවත් ගෑස් නෞකා තුනක් දිවයිනට ළඟා වීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය ඇණවුම් දැනටමත් සිදු කර ඇති බවත් සමාගම සඳහන් කරයි. ඉදිරියේදී මෙරට තුළ කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවට ලිට්‍රෝ සමාගම සහතික වන අතර, පාරිභෝගිකයන්ට පවතින යම් ගැටලුවක් වේ නම් ‘1311’ පාරිභෝගික සේවා අංකය අමතන ලෙස වැඩිදුරටත් දැනුම් දී සිටී.
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ මරණ දඬුවම නියම කළේය. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි. තවත් සැකකරුවන් හතර දෙනකුට අත් හිටවූ සිර දඬුවම් නියම වූ අතර 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. මරණ දඬුවම් නියම වූ සැකකරුවන් 12 දෙනක්ගෙන් එක් සැකකරුවකු දැනට අධිකරණය මඟහැර සිටියි. මහාධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යනමහත්වරුන්ගෙන් සැදුම් ලත් ත්‍රිපුදගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව දිර්ඝ කාලයක් පුරා විභාගය ගැණුනි.
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ මන්ත්‍රී බහුතරයක සහ ජනමත විචාරණයක් සම්මත කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙතසමක් ගොනුකොට ඇත. නීතිඥ දිනේෂ්. ද සිල්වා මහතා මගින් ගොනුකොට ඇති පෙත්සමේ මෙසේද සඳහන්ය පදිංචිකරුවන් ආරක්ෂා කිරීම නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම පනත් කෙටුම්පතේ 1සිට 14 දක්වා ඡේදයේ අඩංගු කරුණුවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 – 4 යන වගන්ති උල්ලංඝනය වන එබැවින් මෙම පනක් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ සහ ජනමත විචාරණයකින් අනුමත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරු සිය පෙතසම ගොනු කරනු ලැබ ඇත.
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්. පාසල් නිල ඇදුම් සදහා අවශ්‍ය රෙදි මීටර් ලක්ෂ 150 ක්. චීනය පරිත්‍යාග කරයි. විදුලියෙන් ධාවනය වන බස් රථ සියයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව මෙරට චීන තානාපතිවරයා පවසා තිබේ. මෙම බස් රථ කොළඹ-මහනුවර සහ කොළඹ-ගාල්ල අතර ධාවනය වනු ඇත. මීට අමතරව, අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ නැංවීම සදහා, පාසල් පන්සියයකට ස්මාර්ට් පන්ති කාමර නමසියයක් මේ වසර තුළ ඉදිකර දෙන බව ද තානාපතිවරයා පවසයි. පාසල් දරුවන්ට නොමිලයේ නිල ඇදුම් බෙදා දීමේ වැඩ සටහන සමග සම්බන්ධ වී සිටින චීන රජය, මේ වසරේදීත් ඒ සදහා රෙදි මීටර් මිලියන 14 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
අද හවස 2න් පසුව තැන තැන ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔස්කාර් ඉතිහාසය අලුත් කළ ‘Sinners’ : නිර්දේශ 16ක් ලබාගනිමින් ටයිටැනික් වාර්තාවත් බිඳ දමයි

ලෝක සිනමාවේ අති උත්කර්ෂවත්ම සම්මාන උළෙල ලෙස සැලකෙන ඔස්කාර් (Oscars) සම්මාන ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් ලබාගත් චිත්‍රපටය ලෙස නව ලෝක වාර්තාවක් තැබීමට ‘Sinners’ චිත්‍රපටය සමත්ව තිබෙනවා. හොල්මන් සහ ක්‍රියාදාම (Horror/Action) ගණයේ චිත්‍රපටයක් වන මෙය, මෙවර සම්මාන උළෙල සඳහා අංශ 16ක් යටතේ නිර්දේශ ලබා තිබීම විශේෂත්වයක්. මීට පෙර ඔස්කාර් ඉතිහාසයේ වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් (නිර්දේශ 14 බැගින්) ලබාගෙන සම වාර්තාවක් තබා තිබූ සුප්‍රකට චිත්‍රපට ත්‍රිත්වයක් වන, Titanic (1997), All About Eve (1950), La La Land (2016) පසුකර යාමට ‘Sinners’ සමත්ව තිබෙනවා.