Direction.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට අදාළ සැකකරුවෙකු ලෙස හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම පෑලියගොඩදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් ය.

2019 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට එවක බ්‍රිගේඩියර්වරයෙකු වූ සුරේෂ් සලේ මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේ ය.

ඊට පෙර ඔහු යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *