Direction.lk

පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම නියෝග ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි

ඒ අතර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක තනතුර දැරූ කේ .ඒ උදය කුමාර මහතා කළුතර කොට්ඨාස භාර නිලධාරියා ලෙස පත්කර ඇත

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඊ එල් පෙරේරා මහතා ගම්පොළ කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට කොළඹ උතුරු කොට්ඨාස භාර නිලධාරියා ලෙසද ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  කේ එන් ගුණවර්ධන මහතා මොණරාගල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට  පොලිස් මූලස්ථානය වෙතද ,බි ඒ ආර් පුෂ්ප කුමාර මහතා කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට විශේෂිත ගුවන්තොටුපොල පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසද ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව් එම් එස් බි වික්‍රමසිංහ මහතා පොලිස් මූලස්ථානයේ  (අතිරේක මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂක) සිට මොණරාගල කොට්ඨාස භාර නිලධාරී ලෙස  හා පොලිස් අධිකාරි සී ඩී ඉලංගකෝන් මහතා මහනුවර කොට්ඨාසයේ සිට ගම්පොළ කොට්ඨාස භාර නිලධාරී ලෙසද පත්කර ඇත

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි  පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ගේ අත්සනින් යුත් පොලිස් පණිවිඩයක් අද (30) දින සිට නිකුත් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *