Direction.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී  චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව දූෂණ චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (23) අධිකරණයට දැනුම් දුන්නා.

 මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පියවර ගනු ලැබුවා.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, මහාධිකරණය මගින් නොතීසි නිකුත් කළ පසුව මන්ත්‍රීවරයාට එහි පෙනී සිටින ලෙසයි.

චාමර සම්පත් මහතාට එරෙහිව මෙලෙස අධිචෝදනා ගොනු කර ඇත්තේ ඔහුගේ අමාත්‍ය ධුර කාලසීමාව තුළ සිදු වූ බව කියන දූෂණ සිදුවීමකට අදාළවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *