Direction.lk

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අතින් අද දින (22) පත්වීමේ ලිපිය රමේෂ් පතිරණ විසින් ලබාගත්තා.

ඒ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී.

තවද රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ කැඳවුම්කරු ලෙසද පත් කර තිබෙනවා.

රමේෂ් පතිරණ පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළා.

අද දින රමේෂ් පතිරණ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයින් පිරිසක්ද මෙසේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *