මර්වින් සිල්වාට සහ ප්‍රසන්න ඇතුළු 6කට අධිචෝදනා

කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමකට කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට අද (27) ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන්නා.

ඒ, ගම්පහ අංක දෙක මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී.

විත්තිකරුවන්ට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව සියළු දෙනාගේම විදෙස් ගමන් තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වහාම අධිකරණයට භාරදෙන ලෙස ද නියෝග කළා.

එක් විත්තිකරුවකුට රුපියලේ ලක්ෂ 10 බැගින් වූ අමතර ශරීර ඇපයක් ද අධිකරණයෙන් නියම කරමින් ඔවුන් මුදා හැරීමට ද නියෝග කළා.

මෙලෙස අධිචෝදනා ලැබ ඇප මත මුදා හැරුණේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මිල්රෝයි පෙරේරා, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් සරත් කුමාර එදිරිසිංහ නොහොත් ‘සිංගප්පූරු සරත්’ යන අයවලුන්.

විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන නෙවිල් අබේරත්න, නලින් දිසානායක සහ අනිල් ද සිල්වා යන නීතිඥවරුන් සමඟ නීතිඥ සමීර පණ්ඩිතරත්න, නීතිඥ අරින්ද සිල්වා සහ නීතිඥ පණ්ඩුල සඳරුවන් අධිකරණයේ පෙනී සිටියා.

Direction.lk is a digital news platform dedicated to delivering timely, accurate, and reliable news to our readers. We cover a wide range of topics including national and international news, politics, business, technology, entertainment, and community stories. Our mission is to provide factual reporting and meaningful insights that help our audience stay informed about the events shaping the world. Through responsible journalism and continuous updates, Direction.lk strives to be a trusted source for news and information.