ඩඩ්ලිගේ කාර් එකට රුපියල් බිලියනයක බාල්දියක්

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී ආනයනය කරන ලද මෝටර් රථය Rolls Royce Phantom Auto මෝටර් රථයක් බවට වැරදි ලෙස ප්‍රකාශයට පත් කර ආනයනය කර ඇති බව රේගු නිලධාරීන් සොයා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 70 ක පමණ දඩයක් ආනයනකරුට නියම කර ඇති බව Economy Next වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඔවුන් පවසන්නේ රේගු මූලාශ්‍ර දෙකකින් සිදුකළ සොයා බැලීමකින් අනතුරුව වාර්තා වී ඇත්තේ මෙම රථයේ ආනයනකරු එක්සත් රාජධානියේ 20% ක බද්දක් ඇතුලුව මෙම වාහනය ස්ටර්ලින් පවුම් 417,000 ක වටිනාකමකින් යුක්ත බවට ප්‍රකාශ කර ඇති බවයි.

“ආනයනකරු පවසන එම මුදල Rolls Royce Phantom Auto මෝටර් රථයක් සඳහා නිවැරදි වුවත්, ඩඩ්ලි සිරිසේන මහතාට ආනයනය කර ඇති මෝටර් රථයේ දිග සහ රෝද ප්‍රමාණය Rolls Royce Phantom Auto මාදිලියට වඩා විශාල වූ බව රේගු නිලධාරියෙක් Economy Next වෙත පවසා තිබෙනවා.

එනම් ඩඩ්ලි සිරිසේන මහතාට ආනයනය කර ඇත්තේ Rolls Royce Phantom 8 Series 2 EWB 2025 මාදිලියේ වාහනයක් වන අතර එවැනි වාහනයක වටිනාකම එක්සත් රාජධානියේ 20% ක බද්දක් ඇතුළුව ස්ටර්ලින් පවුම් 479,000 ක් පමණ වන බවයි රේගු ආරංචි මාර්ග පවසන්නේ.

මෙම වැරදි තොරතුර හේතුවෙන් ඩඩ්ලි සිරිසේන මහතාට රෝල්ස් රොයිස් වාහනය ආනයනය කරන ලද ආනයනකරුට රුපියල් මිලියන 70 ක දඩයක් ඇතුළුව මුළු මුදල රුපියල් මිලියන 370 ක් ගෙවීමට නියම කර ඇතැයි EconomyNext වාර්තා කරනවා.

රෝල්ස් රොයිස් සන්නාමයේ 100 වන සංවත්සරය වෙනුවෙන් එම ආයතනය නිෂ්පාදනය කරන ලද සීමිත රෝල්ස් රොයිස් මාදිලියෙන් ලොව පුරා ඇති වාහන 25 න් එකක් තමන් සතුව පවතින බවට ඩඩ්ලි සිරිසේන මහතා සිය සමාජ මාධ්‍යවල පලකිරීමෙන් අනතුරුව එය රෝල්ස් රොයිස් වාහන පිළිබදව උනන්දුවක් ඇති අය හා ව්‍යාපාරිකයන් අතර දැඩි කතාබහකට ලක්වූ මාතෘකාවක් බවට පත්වූවා.

එහිදී ඇතැම් සමාජ මාධ්‍ය සටහන්හී සදහන් වූයේ මෙම රථය Rolls Royce Phantom ‘සෙන්ටනරි’ මාදිලියෙන් ආනයනය කර ඇති බවයි.

කෙසේ වෙතත්, Economy Next පවසන්නේ රේගු නිලධාරීන් පවසන අන්දමට ඩඩ්ලි සිරිසේන මහතා පවසන අන්දමට මෙම රථය රෝල්ස් රොයිස් ෆැන්ටම් සියවස් ආකෘතියක් බව සොයා ගතහොත්, එම රථයට අදාළ බද්ද පමණක් රුපියල් බිලියන 1 ඉක්මවන බවයි.

Direction.lk is a digital news platform dedicated to delivering timely, accurate, and reliable news to our readers. We cover a wide range of topics including national and international news, politics, business, technology, entertainment, and community stories. Our mission is to provide factual reporting and meaningful insights that help our audience stay informed about the events shaping the world. Through responsible journalism and continuous updates, Direction.lk strives to be a trusted source for news and information.