“අපි කොහෙවත් ගියේ නැහැ.රමේෂ්

පසුගිය කාලසීමාවේ දේශපාලනික වශයෙන් අනුගමනය කළ නිහඬතාව බිඳ දමමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නැවත ශක්තිමත් ලෙස දේශපාලන කරළියට පිවිසෙන බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

‘සිලින්ඩරය’ සන්ධානයට එක්වූයේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, එය ස්වාධීන කණ්ඩායමක් ලෙස මැතිවරණ සමයේදී පමණක් ක්‍රියාත්මක වූවක් බවයි.

සිලින්ඩර පක්ෂයට සහයෝගය දැක්වූ බව පැවසූ රමේෂ් පතිරණ මහතා “එතන කාටවත් කියලා එන්න දෙයක් දැන් නැහැ. මොකද එතන දැන් කවුරුත් නැහැ” යනුවෙන් සඳහන් කළා.

එමෙන්ම නව රජය පත්වීමෙන් පසු ඔවුන්ගේ ගමන් මග නිරීක්ෂණය කරමින් තමන් නිහඬව සිටි බව ඔහු පවසනවා.

“අපි කොහෙවත් ගියේ නැහැ. මේක අපේ මහගෙදර. පසුගිය අවුරුද්දේ අපි නිහඬව හිටියේ අලුත් ආණ්ඩුව කොහෙද යන්නේ කියලා බලන් ඉන්නයි. හැබැයි දැන් වෙලා තියෙන්නේ ‘යන්නේ කොහෙද මල්ලේ පොල්’ වගේ වැඩක්. ඒ නිසා අපි දැන් අපේ දේශපාලන කටයුතු නැවත ආරම්භ කරනවා.”

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු දිස්ත්‍රික්කය ගාල්ල බව සිහිපත් කළ රමේෂ් පතිරණ මහතා, ඉතා ශක්තිමත් පදනමකින් තම පක්ෂය නැවත ගොඩනැගිය හැකි බවට විශ්වාසය පළ කළා.

Direction.lk is a digital news platform dedicated to delivering timely, accurate, and reliable news to our readers. We cover a wide range of topics including national and international news, politics, business, technology, entertainment, and community stories. Our mission is to provide factual reporting and meaningful insights that help our audience stay informed about the events shaping the world. Through responsible journalism and continuous updates, Direction.lk strives to be a trusted source for news and information.